පාකිස්තානයෙන් ආ අල කන්ටේනරයේ කෝටි 64ක කුඩු

238

පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වන ලද අර්තාපල් බහාලුමක තිබී රුපියල් කෝටි 64කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් දාසයක් ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (22 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වූ අර්තාපල් බහාලුමක ශීතකරණවල කුටීර තුළ මෙම හෙරොයින් සඟවා තිබූ බව රේගුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගු පාලන අංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බව රේගුව කියා සිටී.

පාකිස්තානයේ කරච්චි නුවර සිට පැමිණි උසාැ න්‍මකසැඑ නමැති නෞකාවේ තිබූ ඔඍෂඹ 8424604 දරන සීත බහාලුමේ තිබූ ශීතකරණ කුටීරවල මෙම හෙරොයින් සඟවා තිබූ බව රේගුව ප්‍රකාශ කරයි. එහිදී රුපියල් හැට හතර කෝටි හැත්තෑහත් ලක්‍ෂ විසිදහසක් පමණ වටිනා හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193 ක් සොයාගත් බව රේගුවේ වරාය පාලන අංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය මේ ගැන විමර්ශන සිදුකරයි. මෙම ආනයනය මුදා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කරමින් සිටි වාප්පු ලිපිකරුවෙකු හා ආනයනකරු ඇතුළු කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව රේගුව කියා සිටී.

ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂ චාන්දනී සෙනවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එච්. එම්. එන්. එස්. රාජගුරු මහතා, එන්. එස්. කුමානායක මහතා සහ සහකාර රේගු අධිකාරීවරුන් වන කේ. එම්. බී. එන්. විජේපාල මහතා, ජේ. ටී. ඒ. ජයකොඩි මහතා, එස්. නිතිපන් මහතා, එච්. එම්. එන්. අයි. එන්. බණ්ඩාර මහත්මිය සහ බී. ආර්. එපිටවල මහතා වැඩිදුර විමර්ශන කටයුතු කරති. මූලික රේගු පරීක්ෂණයෙන් පසුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ අදාළ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දීමට නියමිතය.

ප්‍රභාත් විතාන සහ කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment