සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර ගැසට් වෙයි

57

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට එල්. කේ. ජගත් ප්‍රියංකර මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (31දා) නිකුත් කරනු ලැබීය.

සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් මන්ත්‍රීධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහලේකම් වරිය විසින් පසුගියදා දැනුම්දී තිබූ අතර ඒ අනුව ඊළඟට වැඩිම මනාප ලබාසිටින ප්‍රියංකර මහතා නම් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගනු ලැබීය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment