නෙක සල්පිල් මැද මාලිගවත්තේ දහම් අකුරු කරවූ දරුවෝ ලියූ පොත් හෙට මහජන සල්පිලකට ගෙන එයි

132

ජනාකීර්ණ කොළඹ නගරයේ මාලිගාවත්ත ප්‍රදේශයේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ දහම් පාසලක ඉගෙනුම ලබන දරුවන් ලියන ලද ග්‍රන්ථ 20 ක් හා එහි ආදි ශිෂ්‍යයන් පිරිසක්ද ලියන ලද පොත් මහජනතාව හමුවට ගෙන එමින් වර්ෂ අවසාන විවිධ සේල් සල්පිල් අතරේ දහම් පාසල් පොත් සල්පිලක් හෙට (23දා) සිට 24, 25 යන දිනවල පෙ. ව. 9.00 සිට ප. ව. 9.00 දක්වා මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දහම් පාසල් අධ්‍යාපනය තුළ අකුරු කරවු දරුවන් දිරිගන්වමින් ඔවුන් ලියූ පොත් හුදෙකලා නොකර ජනතාව අතරට යෑමේ අදිටනින් මෙම පියවර දියත් කළ බව ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මැද කොළඹ ප්‍රා. ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය ගොඩඋඩ අරියධම්ම නාහිමියෝ ‘දිවයින’ට පැවසූහ.

විශාරද නන්දා මාලනී මැතිනියගේ ප්‍රධානත්වයෙන් හෙට (23 දා) පෙ.ව. 9.00 ට විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙයි. මෙමගින් ලැබෙන ආදායමින් 260 ක් පමණ වන එම දහම් පාසලේ දරුවන්ට හා පාසලට හා දහම් පාසලට අවශ්‍ය අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, වතුර බෝතල ආදී දේ මාර්තු මස පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පිරිනැමෙයි.

දරුවන් ලියූ පොත්වලට අමතරව මෙත්සිළුකි අබේනායක දැරියගේ සිතුවම් දැක්මක්ද ගොඩගේ සමාගම, සදීපා හා මාස්ටර් ගයිඩ් පොත් ද මෙම පොත් සල්පිලට අන්තර්ගත කර තිබෙන විශේෂ අංග අතර වෙයි.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment