පොහොර අවුලෙන් ඇමැතිලාත් ඇවිළෙති

271

කාබනික පොහොර බෙදා හැරීම එක් ඇමැතිවරයකුට ද රසායනික පොහොර බෙදා හැරීම තවත් ඇමැතිවරයකුට ද පවරා ගොවීන් වෙත ඒවා බෙදා හැරීමට කටයුතු කිරීම නිසා ආණ්ඩුවේ ඇමැතිවරුන් අතර මත ගැටුම් ඇතිවී මේ වන විට ඒවා උග‍්‍ර අතකට පත්ව ඇතැයි වාර්තා වෙයි.

කාබනික සහ දියර පොහොර වර්ග බෙදාහැරීමේ කටයුතු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙත ද රසායනික පොහොර සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා වෙත ද පවරා ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නැතැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරු චෝදනා කරති.

එනිසා ඇතැම් ඇමැතිවරු තම දිස්ති‍්‍රක්කවල වගා කරන භෝග වර්ග සඳහා භාවිතා කිරීමට අවසර දී ඇති රසායනික පොහොර ලැබී නැතැයි කියමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා කරන බව ආණ්ඩු පක්ෂ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ හේතුව නිසා ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද ඇතැම් රාජ්‍ය ආයතන සමග පැවැත්වෙන සාකච්ඡුාවල දී අසරණ වන බවත් ඔහු ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන ඇමැතිවරුන් වෙත අප‍්‍රසාදය පළ කරමින් අදහස් දක්වන බවත් එම ප‍්‍රකාශකයා කීවේය.

මෙම ගැටලූ විසඳා ගැනීමට රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග මැති ඇමැතිවරුන් පිරිසක් සාකච්ඡා කිරීමට නියමිතය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment