කොළඹ මාර්ග තදබදය අඩුකර ගන්න ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා

349

කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල මාර්ග තදබදය අවමකර ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහාය ඇතිව ඩ්‍රෝන කැමරා යොදා ගැනීමට පොලිස් රථවාහන අංශයේ අවධානය යොමුවී ඇත.

කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල දෛනිකව පවතින දැඩි රථ වාහන තදබදය අවමකර ජනතාවට සහනයක් සැලසීමේ අරමුණෙන් මෙම ක‍්‍රමවේදය අත්හදා බැලීමට කටයුතු කරන බව රථ වාහන අංශය භාර උසස් නිලධාරියෙක් පැවැසීය. රථවාහන තදබදයක් පවතින ස්ථාන ඩ්‍රෝන කැමරා යොදාගෙන නිරීක්‍ෂණය කර එම ස්ථානවලට පොලිස් නිලධාරීන් යොදවා තදබදය අඩු කිරීමට කටයුතු කරන බවද එම නිලධාරියා කියා සිටියේය.

මෙම වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල පෙරවරුවේ සහ සවස් කාලයේ ඩ්‍රෝන කැමරා යොදා මාර්ග තදබදය අවම කිරීම කි‍්‍රයාත්මක කිරීමට රථ වාහන පොලිසිය කටයුතු කරමින් සිටියි.

නෝමන් පළිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment