හයිටි අගමැති ඉවත් වීමේ තීරණයක

75

සති ගණනක් මුළුල්ලේ හයිටි රාජ්‍යයේ මැර කල්ලි විසින් දියත් කර තිබෙන රාජ්‍ය විරෝධී මැර ක්‍රියාවන් මධ්‍යයේ එරට වැඩබලන අගමැති ඒරියල් හෙන්රි සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. තමා සිය ධුරයේ බලතල අලුතින් පිහිටුවන ජානාධිපති කවුන්සිලයකට භාර දෙන බව ධුරයෙන් ඉවත්ව යන අගමැතිවරයා සඳහන් කර තිබේ. යෝජිත ජනාධිපති කවුන්සිලය පිහිටුවීමෙන් පසු සිය රජය ඉල්ලා අස්වන බවද වැඩබලන අගමැති හෙන්රි සඳහන් කර තබේ.

වැඩබලන අගමැති හෙන්රි සිය ඉවත් වීමේ නිවේදනය සිදු කර ඇත්තේ නම් නොකරන ලද ස්ථානයක සිට ජාතිය අමතමිනි. සති දෙකක කාලයක් මුළුල්ලේ හයිටි රාජ්‍යයේ සංවිධානාත්මක මැර කල්ලි විසින් රජයේ ආයතනවලට පහර දෙමින් රාජ්‍ය විරෝධී ක්‍රියාවන්හි නිරතව සිටීම නිසා රට දැඩි අර්බුදකාරී තත්ත්වයක පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment