තාප විදුලි බලාගාරවලට 18 දා තෙක් ඩීසල් දෙයි

103

විදුලිබල මණ්ඩලය සතු තාප විදුලිබලාගාරවලට අවශ්‍ය ඞීසල් යළි ලබාදීමට පියවර ගත් බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ඒ අනුව දිනකට ඞීසල් මෙටි‍්‍රක්ටොන් 1500 බැගින් මෙම මස 18 වැනිදා තෙක් ලබා දෙන බවද හෙතෙම සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ඞීසල් ලබාදීම වෙනුවෙන් ගෙවීමට ඇති ණය මෙතෙක් නොගෙවීම මත තවදුරටත් ණය පදනම මත විදුලි බල මණ්ඩලයට ඞීසල් ලබාදීම ඛනිජ තෙල් සංස්ථාවට හැකියාවක් නොමැති බව පවසා තිබිණි. කෙසේ වෙතත් ඉකුත් 14 වැනිදා සිට යළි ඞීසල් ලබාදීමට පියවරගත් බවත් එළඹෙන අඟහරුවාදා (18දා) පැවැත්වෙන සාකච්ඡුාවකින් පසු ඉදිරි කටයුතු තීරණ කරන බවත් ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment