බොක්සිං ජාතික ශූරතා තරගාවලියේ – විශිෂ්ටයින් සම්බන්ධ කරගත් තරගාවලියක් එයි

53

ලංකා ෆයිට් ලීග් සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය එක්ව සංවිධානය කරනු ලබන පළමු කාන්තා සහ පිරිමි බොක්සිං තරගාවලිය ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

අවසන් වරට පැවැති බොක්සිං ජාතික ශූරතා තරගාවලියේදී අවසන් තරග සඳහා සුදුසුකම් ලබන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය සඳහා තෝරා ගෙන ඇත.

ඒ අනුව මෙම තරගාවලිය යටතේ ක්‍රීඩකයන් දොළොස් දෙනකුගේ සහභාගිත්වයෙන් පිරිමි තරඟ හයක් සහ ක්‍රීඩිකාවන් හයදෙනකුගේ සහභාගිත්වයෙන් කාන්තා තරග තුනක් පැවැත්වේ.

මාස් (MAAS) රෝයල් එරීනාහිදී තරගාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

පළමු තරගය 27 වැනිදා ප.ව.5.30 ට ආරම්භ වීමට නියමිතය.

(දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව තවදුරටත් වර්ධනය කරලීමේ අරමුණින් LFL තරගාවලිය පළමු වරට සංවිධානය කරනු ලබන බවද ඉදිරියේදී වාර්ෂිකව මෙම තරගාවලිය සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනා ඇත්තේ බොක්සිං ක්‍රීඩාවෙන් වන බව ද ශ්‍රී ලංකාව බොක්සිං සංගමය පවසයි.

1951 වසරේ සිඩ්නිහි පැවැති එම පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බාර්නි හෙනරික්ස් සමත් වූයේය. මෙම තරගාවලිය සම්මත බොක්සිං තරගාවලි නීතිරීති අනුව ක්‍රියාත්මක වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment