දකුණු ආසියානු ටයිකොන්ඩෝ ශූරයෝ

81

දකුණු ආසියානු ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ 2023 තරගාවලිය සඳහා මහනුවර ගලගෙදර ජේ. එම්. ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජයෙන් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 9ක් ජයග්‍රහණය කිරීමට සමත් වූහ. ඒ. ඒ. අර්සාඩ්, පී.පී.ඒ.ඩී. තත්සරණි, බිලාම අහමඩ් සහ එම්.ආර්.එම්.රාෆික් යන ක්‍රීඩකයෝ එම රන් පදක්කම් ජයග්‍රහණය කළහ. එම තරගාවලිය මෙන්ම ජී.සී. එස්. ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය මගින් පවත්වන ලද අතර තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. රටවල් හතක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2300 ක් ඊට සහභාගී වූහ.
ප්‍රදීප් මහකුමාර

advertistmentadvertistment
advertistmentadvertistment