බටහිර මාධ්‍ය පලස්තීනය පිළිබඳ නිහඩ ඇයි?

260

මෙකී ප්‍රවාදාත්මක සංකථනය දෙවන ලෝක යුද්ධය නිමා වූ කුළුඳුල්ම මොහොතවල් කරාම දිවයන්නකි. ලෝක සංග්‍රාම දෙක පොදුවේ රැජින ඔවුන්ගේ බිඳවැටෙමින් පවතින ධනවාදය රැක ගැනීමට ගත් උත්සාහයන් වුවත් අවසානයේ සිදු වූයේ මහා බි්‍රතාන්‍යයට එතෙක් වසර 1000 ක පමණ යටත්විජිතකරණයක් අහිමිවීමයි. දේශ ගවේෂණය, ශ්‍රමය සූරා කෑ ප්‍රංශයට ද වූයේ එසේමයි. ඉක්බිතිව එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූයේ බි්‍රතාන්‍යය සම්භාව්‍ය පුරවැසියන්ගෙන්ම ගහන වූ ඇමෙරිකාව නම් විකෘති රාජ්‍යයට ලෝක බලවත් භූමිකාව ආරෝපණය වීමයි. බටහිර රටවල්වල සහයෝගිතාවයක් දැක්වුවත් ලෝක ධනවාදී කඳවුර ලෙස එහි ආත්ම පාලකයා බවට ඇමෙරිකාව පත්විය. එපමණක් නොව එහි ආරම්භක උපායමාර්ග ලොව පුරා සංසරණය කිරීම සඳහා ආරම්භ වූ බහුජාතික සමාගම් සංකලනය ද ඉතා විශේෂිතය. ඉන් ඔබ්බට ඇමෙරිකාවේ සියලු වැඩපිළිවෙළවල් නිමවූයේ ඇමෙරිකාවේ හදවත මෙන් වූ එකී බහුජාතික (Transnational) සමාගම් සංකලනයේ ලෝකය පුරා ප්‍රාග්ධන ගලා යෑම වෙනුවෙන්ය. ලෝක සාමය වෙනුවෙන් කියා ඇරඹුණු එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාකරනු ලැබුවේ ද එකී ඕනෑම ක්‍රියාවක් සුජාතකරණය සඳහාය.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදිය ගෝලීය උපරිම සමාජයේ ආර්ථික ශක්තිය තුන්වැනි ලෝකයේ කරා පැතිර වන්නක් විය. පසුගිය වසර 80 ක් පුරාවට වූ ඇමෙරිකානු උපාය මාර්ග ගෝලීය සංස්කෘතිය හා ගෝලීයකරණය කිරීමෙහිලා උද්වේගකර බටහිර පක්ෂ සාධකය වූයේ බටහිර ගෝලීය මාධ්‍යයි. ගෝලීය උපරිම දුෂ්ඨිවාදය (Global Super Ideology) ව්‍යාප්ත කිරීමෙහිලා සෑම ස්වරූපයක් තුළම ඔවුන් ක්‍රියාත්මක විය. සාමාන්‍යයෙන් මූලධාර්මිකව 16 වන සියවසේ පටන් ලෝක සන්නිවේදන පරිමාණයේ වගකීම සහිත මෙවලම් අප මාධ්‍ය ලෙස හඳුනා ගන්නෙමු. එය 16 වන සියවස වන විට යුරෝපයේ ධනය සහිත බුරුසුවා පන්තියේ දෘෂ්ඨිවාද රැගෙන යෑම සඳහා වෙන් වූයේය. මෙය ක්‍රමයෙන් විකාශනය තුළ විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පශ්චාත් නූතන ලෝකයේ මාධ්‍ය පාලකයා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ගෝලීය සුපිරි සමාජය විය. ලොව සියලු මාධ්‍යයන් 100% යැයි සැලකුවොත් ඉන් සියයට 75ක් ගහන ආකෘති, අන්තර්ගත සමාගම් සියල්ල සෘජුව හෝ වක්‍රව ඇමෙරිකා එක්සත් ජනපදයට ඒකාබද්ධය. එකී සංයුතියෙන් මිදීමට ලොව කිසිදු රටකට හැකිවී නැත. යම් තරමකින් හෝ සෘජුව සිටින්නේ තමන්ට අනන්‍ය සමාජ මාධ්‍ය සංකලනයක් තනාගත් කොමිනිස්ට්වාදී මාධ්‍යවේදය සහ චීන මාධ්‍යවේදය පමණි. ඒ අනුව පසුගිය වසර 80 ක් පුරාවට වූ ලෝක ඓතිහාසික විකාශනයේ සෑම තීරණාත්මක මොහොතක්ම ලොව සියලු නාළිකා අප හට පෙන්වා සිටියේ ඇමෙරිකානු ඇසිනි.

කෙසේ වෙතත් යුදෙව් චින්තනයට අනුකූලව දෙවියන්ගේ නියෝජිතයා වූ ඒබ්‍රාහම් දක්වා ඇති අන්දමට කානන් දේශය නම් යමක් මෙහි ඇති බව ඔවුන් ප්‍රබල ලෙස විශ්වාස කරයි. මුස්ලිම් සම්භවයක් ඇති ක්‍රිස්තියානි මානව විශේෂයක් වන අරාබින්ට අනුව මහම්මද්තුමා ක්‍රිස්තු වර්ෂ 630 දී පමණ ස්වර්ගයට ගොස් ඇත්තේද මේ වත්මන් රාජ්‍ය දෙකට මැදිව පිහිටි ජෙරුසෙලම නම් භූමියෙනි. ජේසුස් වහන්සේ ඉපදී ඇත්තේ ද මෙහිය. ඒ අනුව මෙකී භූමිය තුළ සියුම් වාර්ගික ගැටුමක් කාලයක් පුරා කුරුස යුද්ධයක් ලෙස මෙහි හිමිකාරීත්වය සඳහා ඇති වී ඇත. කෙසේ වෙතත් පසුකාලීනව ජන සංයුතිය අනුව බලන විට එම දෙපිරිසම මෙහි ජීවත්වන බව දැකගන්නට හැකි විය. නමුත් මෙකී මූලධර්මය හේතුකොට යම් පිරිසක් බිඳින ලදී. ලෝකයේ මේ සම්බන්ධව දැනට ලියවී ඇති භයානකම ලියැවිල්ල ලියැවෙන්නේ වර්ෂ 1923 දීය. ඒ තුළින් මේ ගැටලුව සාමකාමීව විසඳීමට හැකි සියලු බැමි කඩා දමන ලදී. එය ලොව වාර්ගික ජාතිකවාදය උඩු යටිකුරු කළ භයානකම ලියැවිල්ලක් ලෙස හඳුන්වන්නට පුළුවන. මෙය ලියැවෙන්නේ මහා බි්‍රතාන්‍යයේ බැල්ෆර් නම් සාමිවරයෙක් අතිනි. ඔහු එරට වාසය කළ යුදෙව් (Jewish)සම්භවයක් සහිත පුද්ගලයකුට දන්වා සිටිනුයේ එකී සුවිශේෂී කලාපයේ ලොව යුදෙව්වන් සඳහා වෙනමම රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවයි. මෙය වඩා ලැජ්ජා සහගත සංකල්පයක් වනුයේ එක විටක එක භූමියේම සිටි පලස්තීනුවන් ආන්තික වාසි අසරණයන් බවට පත්වන නිසාය.

කෝ ඔවුන්ට රාජ්‍යයක්? අනෙක් අතට එහි සීමා ලකුණු කිරීම ඊටත් වඩා වාර්ගික යුද්ධයකි. පසුකාලීනව පුවත්පත්වල බැල්ෆර් ප්‍රකාශනය ලෙසින් පැවත එන්නේ මෙයයි. කෙසේ වෙතත් බටහිර මැදිහත්වීම මත වර්ෂ 1948 දී එකී සිටි පිරිස් බලෙන් මෙන් එය ඊශ්‍රායලය නම් රාජ්‍යයක් ඒ තුළ පිහිටුවන ලදී. සැබැවින්ම මෙහිලා බටහිරයන්ට අවශ්‍ය වූයේ යුදෙව්වන්ගේ විමුක්තියට නොව ඇමෙරිකානු නව ලිබරල්වාදී ක්‍රමවේදය (Neo Liberal System) යුරේසියාවට ඌනනය කිරීම සඳහාය. විශේෂයෙන්ම පසුකාලීනව තමාට හිසරදයක් වේ යැයි හැඟුණු අරාබිය විනාශ කිරීම සඳහා තමාගේ නිවුන් සහෝදරයකු ඒ මත පිහිටුවීමටයි. එය විශිෂ්ට සත්‍යයක් වන්නේ අරාබි ලෝකයේ අරාබි රටවල් පහක් මැද සිටින එකම ක්‍රිස්තියානි රට මෙය වීමෙනි. ඒ රාජ්‍යය 1948 වර්ෂයේ මැයි 14 වෙනිදා ප්‍රකාශයට පත් කළද මැයි 15 යුද්ධය ආරම්භ විය. එදා පටන් ඊශ්‍රායලය සෑම මොහොතකම තම රාජ්‍යය පුළුල් කිරීමට පියවර ගනු ලැබිණි. එය ඉතා අසාධාරණ ක්‍රමවේදයක් ලෙස පෙර කී රටවල් පහටත් පලස්තීනයටත් බෙහෙවින්ම බලපාන ලදී. ක්‍රම ක්‍රමයෙන් ඇමෙරිකානු සහයෝගය සහිතව ලොව හොඳම බුද්ධි සේවයත් හමුදාවටත්, යුද ශක්තියත් සාදා ගනු ලැබූ අතරම යුදෙව්වන් උපතින්ම සියලු දෙයින් දක්ෂයන් විය. දැනටමත් ලොව වැඩිම පේටන්ට් බලපත්‍ර සහිත සහ නොබෙල් ත්‍යාග ලැබූ ජාතිය ඔවුනුයි. එහි ශක්තිය භාවිත කරමින් සැමදා අසාධාරණ ලෙස හා ආක්‍රමණය කිරීමට රාජ්‍යයන්ට විරුද්ධව අවස්ථා කිහිපයක දී අනෙකුත් අරාබි රටවල් පහ යුද ප්‍රකාශ කරන ලදී.

බොහෝ අසරණභාවයට පත්වූ ඔවුන් තුළින්ම හමාස් සංවිධානය වර්ෂ 1987 දී උපත ලබන ලදී. ඒත් ඊශ්‍රායලය ඉදිරියේ ඔවුන් කූඹියෙකු වැනිය. මේ සියල්ලක් මත නැවත ගිනි ඇවිලුනේ මේ ඔක්තෝබර් හත් වැනිදාය. හමාස් සංවිධානයේ වැරදි කෙරුවාව ප්‍රධාන වශයෙන් ඔවුන් පෙන්වුවද නමුත් ලොවෙන් කිසිදු පිළිසරණක් නැතුව දිගින් දිගටම තමන්ට පීඩනය එල්ල කරන විට කෙසේ හෝ එකී පීඩනය පිට විය යුතුව තිබිණි. එය දශක ගණනාවක විමුක්ති හඬකි. මාධ්‍ය වාර්තා කළ අන්දමට නම් හමාස් ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල විය. එය ද විහිළුවක් වන්නේ ලොව හොඳම බුද්ධි සේවය ඇති රට මෙය නොදැන සිටියා ද යන්නයි. පැහැදිලි ලෙසම දැන් පෙනී යන අන්දමට ඔවුන් මෙය දැන සිටියාය. නමුත් අවශ්‍ය භූමියේ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය ලෙසම ඔවුන්ගේ කුඩා ප්‍රහාරයක් හරහා සතුරාව මුළුමනින්ම වනසා දැමීමටය. දැන් යුද නීති පවා බිඳ හෙළමින් ඊශ්‍රායලය එය හොඳ හැටි කරන්නේය. ඇමෙරිකාව උන් පැත්තේය. එක් සමීක්ෂණ (Survey Report) වාර්තාවකට අනුව ඇමෙරිකාව පසුගිය දශකය තුළ ඇෆ්ගනිස්ථානයට එල්ල කළ බෝම්බ ප්‍රමාණය ඊශ්‍රායලය පලස්තීනයට පසුගිය සති දෙකක් තුළ එල්ල කර අවසන්ය. දැනට මියගිය සමස්ත පලස්තීනුවන් ගණන 5000 කි. දරුවන් 1000 කි. කාන්තාවන් 2000 කි. නමුත් පුදුමයට කාරණය නම් පලස්තීන රෝහල්වලට පවා බෝම්බ ගසා තුන්සීයක් හාරසීයක් මරණයට පත් කරද්දී කිසිවක් බටහිරවාදී මාධ්‍ය නොපෙන්වීමයි. ඒවා ඊශ්‍රායලය එල්ල කළ ඒවා නොවන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා කීමද විහිළුසහගතය.

ඊශ්‍රායලයට වූ කුඩා හානිය පෙන්වූවත් අද පලස්තීනය නම් අතිශය කුඩා රාජ්‍යයේ තට්ටු ගොඩනැඟිලි සමතලා කොට එකී ජාතිය වැනසීමට ලක් කිරීම බටහිර මාධ්‍ය වල පෙන්වන්නට තියා සිතන්නේවත් නැත. ඒ කුමක් නිසා ද යන්න පැහැදිලිය. එනම් ඔවුන් පක්ෂ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියටයි. බටහිර මාධ්‍යයන්ට පලස්තීන දරුවන් දරුවන් සේ පෙනෙන්නේ නැත. දැන් මෙකී මාධ්‍ය බලය පාවිච්චි කරමින් බටහිර මාධ්‍ය කළ විකෘති නිරුවත ලෝක වැසියාට පැහැදිලිය. එක් වාර්තාකරණයකදී පලස්තීන කාන්තාවක එය ප්‍රශ්න කළේ ඔබලාට ඹභ, හොලිවුඩය ඊශ්‍රායලය ආදී සියල්ල පෙන්වීමට හැකි නම් අප (පලස්තීන ඛේදවාචකය) ඒවා තුළ පෙන්විය නොහැකි මන්දැයි? අප ඒ පිළිබඳව අවධානයෙන් යනුවෙනි. ඉතින් එයට හේතුව මෙකී ප්‍රතිපත්තියයි. බටහිර මාධ්‍ය විශෝධනය (Rehabilitate) කළ නොහැකි වුවත් ඊට ප්‍රතිවිරුද්ධ යථාර්ථවත් ජනමාධ්‍යයක අවශ්‍යතාවය දැන් එළඹ ඇත. ඉතා සාධනීය එකී ප්‍රවණතාවය වෙත ඇත්ත යථාර්ථය දැන් කෙමින් කෙමින් කරලියට පැමිණෙමින් ඇත. පලස්තීනයට පක්ෂ පිරිස් ලොව සෑම රටකම කරන හඬනැගීම ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

සියල්ලක් නිවුනු පසු දැකගත හැක්කේ එක් දෙයකි. එනම් මේ සියල්ලක් නිර්මාණය වනුයේ ඇද වැටෙමින් පවතින ඇමෙරිකානු ව්‍යාප්තවාදයේ නැඟීම ස්ථාපිත කිරීම සඳහා බවයි. අප දකිනුයේ මේ සම්බන්ධ බොහෝ දෑ වල මෙකී ස්වරූපය පමණි. උත්සාහ කළ යුත්තේ කුමන මාධ්‍යයක් හරහා වුවද එකී හරය දැක්වීමටයි. එය ලොව කිසිම ග්‍රාහකයකුට පහසු කාර්යක් නම් නොවනු ඇත.

සහන් ඇලෙක්සැන්ඩර්
කොළඹ විශ්වවිද්‍යාලය

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment