මෝදි විකටයකු ලෙස හැඳින්වූ මාලදිවයින් නි. ඇමැති 3 කගේ වැඩ තහනම්

123

සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විකටයකු ලෙස හැඳින්වූ මාලදිවයින් නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුගේ වැඩ තහනම් කිරීමට එරට ජනපති මොහොමඩ් මුයිසු නියෝග කර ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මල්ෂා ෂරීෆ්, අබ්දුල්ලා මහසූන් සහ මරියම් ෂිඋනාගේ මෙලෙස වැඩ තහනමට ලක්ව තිබේ. මරියම් ෂිඋනාගේ සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉන්දීය අගමැතිවරයා විකටයකු ලෙස නම් කර තිබිණි.

“විදේශීය නායකයන්ට සහ ඉහළ පෙළේ පුද්ගලයන්ට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකාවල නින්දාසහගත ප්‍රකාශයන් මාලදිවයිනේ රජය දනී. මෙම අදහස් පුද්ගලික වන අතර මාලදිවයින් රජයේ අදහස් නියෝජනය නොකරයි.” යනුවෙන් මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබේ.

පසුගිය ජනවාරි 04 වැනිදා ඉන්දීය අගමැති ලක්ෂදිව් දූපතේ කළ සංචාරය මාලදිවයින් නියෝජ්‍ය ඇමැතිවරුන් විසින් හාස්‍යට ලක්කර තිබේ. ජනපති මොහොමඩ් මුයිසු බලයට පත්වීමෙන් පසු ඉන්දියාව සහ මාලදිවයින අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා අයහපත් අතට හැරී තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment