වරෙන්තුව භාර දෙන්න ගිය පොලීසියට අපරාධකරු වෙඩි පිට වෙඩි තබයි

688

නිලධාරීහු 4ක් මියයති

තවත් සිව්දෙනකුට තුවාල

අපරාධකරුත් වෙඩි කයි

නීති විරෝධී ආයුධයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ අපරාධකරුවකුට වරෙන්තුවක් භාර දීම සඳහා පෙරේදා (29දා) ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි නිවසකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට අපරාධකරු හා ඔහුගේ සහයකයකු විසින් එල්ල කළ වෙඩි වරුසාවක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනකු මිය ගොස් තවත් නිලධාරීන් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙහිදී පොලිස් නිලධාරීන් හා අපරාධකරුත් ඔහුගේ සහයකයාත් අතර පැය තුනක පමණ කාලයක් සිදුව ඇති වෙඩි හුවමාරුව හේතුවෙන් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ චාලට් නගරය යුද පිටියක් බවට පත්ව ඇත. අවසානයේ වෙඩි තැබීම ඇරඹූ අපරාධකරු ඔහුගේ නිවසේ උද්‍යානයේදීම වෙඩි තබා මරා දැමීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම වෙඩි තැබීමේදී තුවාල වී රෝහල්ගත කෙරුණු පොලිස් නිලධාරීන් සිව්දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වී තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් සිවු දෙනකු වෙඩි තබා මරා දැමූ අපරාධකරුව පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව අපරාධකරුගේ සහයකයා අධි බලැති රයිෆල් තුවක්කුවකින් පැමිණ සිටි පොලිස් නිලධාරීන් වෙත වෙඩි තැබීම නිසා එම නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් නිලධාරීන් වෙත වරෙන්තුව ලැබීමට නියමිතව සිටි අපරාධකරු විසින් වෙඩි තැබීම ඇරඹීමත් සමගම පොලිස් නිලධාරීන්ගේ සහයට චාලට් නගරයේ පිහිටි අපරාධකරුගේ නිවසට පැමිණ ඇති ආයුධවලින් සන්නද්ධ එක්සත් ජනපද මාෂල්වරුන්ගේ කාර්ය සාධන බළකායට අයත් නිලධාරීන් විසින් අපරාධකරුට වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අනතුරුව අපරාධකරුගේ නිවසට කාර්ය සාධන බළකායට අයත් නිලධාරීන් රැගත් වාහන ජනෙල් හා දොරවල් කඩා දමමින් කඩා වැදී තිබේ. අපරාධකරුගේ නිවසෙහි සිටි කාන්තාවකගෙන් හා 17 හැවිරිදි තරුණයකුගෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බව ඇමරිකානු පොලිසිය පවසයි. චාලට් නගරයේ පොලිස් ප්‍රධානියා පවසා ඇත්තේ නගරයේ ඉතිහාසයේ මේ සා දරුණු වෙඩි තැබීමක් සිදු වූ බවට තමාට මතකයක් නැති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment