ගැනුම්කරුවන් මිලදී නොගැනීමෙන් පැල්වත්ත ස්කාගාරයේ ස්ප්‍රීතු ගොඩගැහිලා

193

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ ස්කාගාරයේ නිෂ්පාදිත ස්ප්‍රීතු ගැණුම්කරුවන් විසින් මිලදී නොගැනීම නිසා ඒවා ගොඩගැසී ඇතැයි ස්කාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දැනට ස්ප්‍රීතු ලීටර අටලක්ෂ විසිහත්දහසක් පමණ ගොඩගැසී තිබෙන අතර ගැනුම්කරුවන් මිලදී ගැනීමට නොපැමිණීම නිසා ඉදිරියේදී ස්ප්‍රීතු නිෂ්පාදනය නතර කිරීමට පවා සිදුවිය හැකි බවත් සඳහන් කරයි.

ස්ප්‍රීතු ලීටරයක් මේවන විට රුපියල් 1,200 පමණ වේ.

මේ පිළිබඳව ලංකා සීනි සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සාරද සමරකෝන් මහතාගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය.

බදු වැඩිවීම නිසා ස්ප්‍රීතු වලින් සිදුකරන නිෂ්පාදනවල මිල ඉහළ යෑමත් ඇතැම් ගැණුම්කරුවන් තම බලපත්‍ර අලුත් නොකිරීම නිසාත් මෙම තත්ත්වය උදාවෙලා. දැනට රුපියල් මිලියන දහසකට ආසන්න ස්ප්‍රීතු ප්‍රමාණයක් පැල්වත්ත ස්කාගාරය සතුව තිබෙනවා.

ඉදිරියේදී ඒවා අලෙවි කිරීමට හැකි වන බවට විශ්වාසය පළකරනවා
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment