විනය පරීක්‍ෂණ නොතියා හරින් – මනුෂ සජබෙන් දොට්ට දාන්න බෑ

257
  • ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා

සමගි ජනබලවේගය පක්ෂයේ සිට ඇමැතිධුර ලබාගත් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර දෙදෙනා එම පක්ෂයෙන් ඉවත් කරනවා නම් ඔවුන් දෙදෙනාට එරෙහිව එම පක්ෂය විසින් විනය පරීක්‍ෂණයක් සිදු කළ යුතු යැයි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසීය.

එසේ විනය පරීක්‍ෂණයක් නොපවත්වා ඔවුන්ව ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු කීය. විනය පරීක්‍ෂණයක් පවත්වා පක්ෂයෙන් ඔවුන්ව ඉවත් කිරීමට පියවර ගත්තත් ඔවුන්ගේ පාර්ලිමේන්තු ධුරය ඉක්මනින් අහිමි කළ නොහැකි බව ද ඒ මහතා කීය.

විනය පරීක්‍ෂණය තුළින් මන්ත්‍රීවරුන් ඉවත් කළහොත් ඔවුන්ට අධිකරණය හමුවට යා හැකි බවත් එහි තීන්දුව ලබාදෙන තෙක් ඔවුන්ට මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බවත් ඒ මහතා කීය. අධිකරණ තීන්දුව ලබා දිය යුතු කාල රාමුවක් නැතැයිද ඔහු කීය.

තමන් සිටින පක්ෂයෙන් වෙනත් පක්ෂයකට ගොස් ඇමැතිධුර ලබාගෙන ඇත්තේ මහජනතාවගේ යහපත සඳහා යන්න මන්ත්‍රීවරුන් තීරණය කරනවා නම් ඔහුට නීතිය අනුව වෙනත් පක්ෂයකට හෝ ස්වාධීනව සිට එම ඇමැති ධුරයේ කටයුතු කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment