බ‍්‍රවුන්ස් බැටරි අංශය සිය අලෙවි නියෝජිත ජාලය වෙත මිඞ්ට්‍රොනික් බැටරි ටෙස්ටර් බෙදාහරී

72

කීර්තිමත් බ‍්‍රවුන්ස් සමූහයේ ප‍්‍රධාන ව්‍යාපාර අංශයක් වන බ‍්‍රවුන්ස් බැටරි අංශය, බැටරි පරීක්ෂාවන්ස සහ කළමනාකරණ ක‍්‍රියාවලිය විධිමත් කරලීමේ අරමුණෙන් දිවයින පුරා සිය අලෙවි නියෝජිත ජාලය වෙත මිඞ්ට්‍රොනික් බැටරි ටෙස්ටර් බෙදාහැරීමේ වියේෂ වැඩසටහනක් ආර්ම්භ කර ඇත.

සුප‍්‍රකට ඇමරිකානු සන්නාමයක් වන මිඞ්ට්‍රොනික්, 1984 වසරේත සිට උස් මට්ටමේ බැටරි කළමනාකරණ විසඳුම් සංවර්ධනය කරලීමේ නිරතව සිටී.

මෙම වැඩසටහනේ මුල් අදියර යටයත් එක්සයිඞ්, ලූකස් සහ ඩැගනයිට් ඇතුළු බ‍්‍රවුන්ස් මෝටර් රථ සහ යතුරු පැදි බැටරි සඳහා විශේෂිත බැටරි විශ්ලේෂණ පද්ධතියක් සංවර්ධනය කරලීමට බ‍්‍රවුන්ස් සමාගම රුපියල් මිලියන 20 කට වැඩි මුදලක් ආයෝජනය කරයි. ව්‍යාපෘතියේ පළමු අදියරේදී අලෙවි නියෝජිතයන් 200 ක් වෙත මිඞ්ට්‍රොනික් බැටරි ටෙස්ටර් හඳුන්වා දීමට බ‍්‍රවුන්ස් සැලසුම් කරයි. මෙහිදී බ‍්‍රවුන්ස් බැටරි සඳහාම විශේෂයෙන් නිර්මිත මෘදුකාංගය මගින් නිව්වැරදි බැටරි මාදිලිය තෝරා ගැනීමට අලෙවි නියෝජිතයන්ට හැකිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment