කොව්ඩ් නොතකා ට්‍රිප් ගියාට වැඩ වරදී

561

වවුනියාව උක්කුලාන්කුලම ප්‍රදේශයේ පවත්වා ගෙන යන පෞද්ගලික ප්‍රාථමික පාසලක ළමයින් පණහක්, ගුරුවරුන් සහ දෙමව්පියන් පිරිසක් සංචරණ සීමා නොතකා නුවරඑළියට විනෝද චාරිකාවක් යෑම සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය නිලධාරීන් අද (09 දා) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ඒ අනුව එම පිරිස කිසිදු අයෙකුගෙන් පුර්ව අනුමැතියක් ලබා නොගෙන සුඛෝපභෝගී බස් රථයකින් සිසුන් ඇතුලු‍ පිරිස සමග නුවර එළියට ගොස් ඇතත් ඔවුන්මේ දක්වා ආපසු පැමිණ නොමැති බවට තොරතුරු ලැබී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබදව පොලීසිය ඇතුලු‍ ආරක්ෂක අංශ වලට තොරතුරු දැණුම් දී ඇති අතර නුවර එළියේ සිට එම බස් රථය ආපසු වවුනියාවට පැමිණෙන විට අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment