ආසාදිතයින් නිවෙස්හි රඳවා ප්‍රතිකාර කිරීම ඇරඹේ

238

රෝග ලක්ෂන නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල තබා ගනිමින් ප්‍රතිකාර කිරීමේ වැඩපිලිවෙල අද (09) සිට ආරම්භ විණි.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වූ එම ක්‍රමවේදය අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල සිට ප්‍රතිකාර කිරිමට නියමිතය.

දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමග රෝහල් රෝගීන්ගෙන් පිරීයාම හේතුවෙන් එම තීරණයට එළඹ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment