පිලිප්ස් ගෙන් හොඳම පන්දු යැවීම

311

නවසීලන්ත කණ්ඩායමේ ග්ලේන් පිලිප්ස් සිය ජාත්‍යන්තර තරග බිමේ මෙන්ම පළමු පෙළ තරග පිටියේ ද සිය හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ඊයේ (28 වැනිදා) සමත් වූයේය.

බංග්ලාදේශයට එරෙහිව ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී පිලිප්ස් ලකුණු 53 කට බංග්ලාදේශ පිතිකරුවන් හතරදෙනකු දවාගෙන එම දස්කම දැක්වීය.

මීට පෙර ඔහුගේ හොඳම පළමු පෙළ පන්දු යැවීමේ දස්කම වූයේ ද ලකුණු 70 කට කඩුලු 4ක් දවා ගැනීමයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඊයේ දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 310ක් රැස්කරගෙන සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment