අවසන් තරගයටත් පෙර ඉන්දියාව දිනලා හිටියේ පැරදුණේ ඒ නිසයි – වසීම් අක්‍රම් කියයි

3740

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වීමට ප්‍රධාන හේතුව වූයේ එම තරගයට ක්‍රීඩා කිරීමටත් පෙර ඉන්දියාව ලෝක ශූරයන් ලෙස විවිධ මාධ්‍ය විසින් හඳුන්වාදීම බව හිටපු සුපිරි පකිස්තාන ක්‍රීඩක වසීම් අක්‍රම් ස්ටාර් ස්පෝර්ට්ස් වෙත ඊයේ ප්‍රකාශ කර තිබුණි.

“මට කනගාටුයි. ඔවුන් ඇත්තටම දක්ෂ කණ්ඩායමක්. ඒත් තරග කරන්නටත් පෙර දිනුම් වගේ සැලකීම පරාජයට හේතු වුණා.”

එක දිගට තරග 10 ක් ජයග්‍රහණය කළ කණ්ඩායමක් අවසාන මහා තරගයේ දී පරාජයට පත්වීම විශාල කනගාටුවක් බවද අක්‍රම් එහිදී ප්‍රකාශ කර සිටියේය.

“ඔබේ කණ්ඩායම තරගාවලිය පුරාවට ඉතා හොඳින් ක්‍රීඩා කළ නිසා ජාතියක් ලෙස එම පරාජය දරා ගැනීම දුෂ්කර බව මට වැටහෙනවා. ඔවුන් එක දිගට තරග 10 ක් දිනුවා, ස්ථාවරත්වයක් තිබුණා. නමුත් රූපවාහිනිය, සමාජ මාධ්‍ය, රසිකයන්… ඔබ සියලු දෙනාම දැනටමත් ඉන්දියාව ලෝක කුසලානයේ ජයග්‍රාහකයා බවට පත් කළා. ඔබත් ඔබේ වරද පිළිගන්නවා, මට සමාවෙන්න. ඔවුන් හොඳින් ක්‍රීඩා කළ නිසා ඔබ ජනතාවගේ බලාපොරොත්තුව වැඩි කළා. එය සම්පූර්ණයෙන්ම ඔබේ වරදක් නොවේ. ඔවුන් ඉතා හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කළා. නමුත් ක්‍රෙඩිට් එක ඔස්ට්‍රේලියාවට.”

1999 ලෝක කුසලාන අවසන් තරගයේ පරාජය පාකිස්තාන ක්‍රීඩා ලෝලීන්ට තවමත් අමතක වී නැති බවද අක්‍රම් හෙළි කළේය.

“ඒ පරාජයට දැන් අවුරුදු තිහක් වෙනවා. ඒත් පකිස්ථාන ක්‍රීඩාලෝලීන් මගෙන් තවම ඒ පරාජය ගැන අහනවා. අපි ටොස්ට් එක දිනලා මුලින් බැට් කරේ යැයි ද කියලා ඔවුන් අහනවා. ක්‍රිකට් එහෙම තමයි. ඉන්දියාවටත් මේ පරාජය කාලයක් යනතුරු දැනේවි. මුලින්ම, ඉන්දීය කණ්ඩායම ඇත්තටම හොඳින් ක්‍රීඩා කළා. ඒත් අවසන් තරගයේදී ඔවුන් ලද පරාජය ඔවුන්ට කම්පනයක් වගේ.”

advertistmentadvertistment
advertistmentadvertistment