උපාධිධාරීන් 26,000 ක් ගුරු සේවයට ගැනීමට අයදුම්පත් කැඳවයි

192

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් 26,000 ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

2018, 2019, 2020 වකවානුවේ රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ඉලක්ක කරගෙන මෙම පත්වීම් ලබාදෙන අතර වයස අවුරුදු 40 නොඉක්මවන සියලුම ඌණ සේවා නියුක්ත උපාධිධාරීන්ටද මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. මාර්ගගත ක්‍රමය හෙවත් දබ කසබැ :යඑඑචථරැරැ ්චචකසජ්එසදබිග ාදැබැඑිගකනරැැං්පි* මගින් අයදුම්පත් යොමු කිරීමට සති දෙකකට වැඩි කාලයක් ලබාදී ඇත.

අයදුම්කරුවන්ට තමා පදිංචි පළාතේ හෝ ආසන්නම පළාතේ හෝ කැමති ඕනෑම පළාතක වසර 05 ක සේවා කාලයක් සඳහා ඉල්ලුම් කිරීමට අවකාශය ඇත. මෙහිදී ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව මත දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු සංවිධානය කරමින් සිටින අතර බොහෝවිට මාර්තු මාසය තුළ විභාගය පැවැත්වීමට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අදහස් කරයි.

මෙම විභාගයේදී අයදුම්කරුවන් ලබාගන්නා ලකුණු පළාත් මට්ටමින් නිකුත් කෙරෙන අතර ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමෙනුත් පළාත් පාසල් සඳහා පළාත් මට්ටමෙනුත් සම්මුඛ පරීක්‍ෂණ පවත්වා වසර තුනක පරිවාස කාලයකට යටත්ව අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබාදෙන අතර ඉන් අනතුරුව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන බව මහනුවර දළදා මාලිගාවේ පැවැති 195 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් ඇමැතිවරයා පැවසීය.

මීට අමතරව පෙබරවාරි මාසයේදී ප්‍රතිඵල සහතික කිරීමෙන් අනතුරුව විiාපීඨ ඩිප්ලෝමාධාරීන්ටද ගුරුපත්වීම් ලබාදී පසුගිය වසරේ විශාල පිරිසක් විශ්‍රාම යෑමෙන් ඇතිවූ ගුරු පුරප්පාඩු ඇතුළු ගුරු හිඟය පියවීමටත් එමඟින් ගුරු ස්ථානමාරු තුලනය කිරීමටත් අපේක්‍ෂා කරන බව මෙහිදී ඇමැතිවරයා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment