විභාග වංචා පැමිණිලි නෑ: – උ.පෙ. විභාගය සාර්ථකයි

73

විභාග කොමසාරිස් ජනරාල්

විභාග වංචා නොමැතිව ගෙවී ගිය දිනවල උසස් පෙළ විභාගය සාර්ථකව පැවති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (12 දා) ‘දිවයින’ට පැවසීය.

විදුලිය විසන්ධි කිරීම් ඇතුළු යම් යම් ගැටලු පැවතියත් විභාගය පැවති දිනවල විභාග වංචා හෝ වෙනත් පැමිණිලි ලැබී නැතැයි ද ඒ මහතා කීය.

සිසුන් සීමිත වශයෙන් පෙනී සිටින විෂයයන් කිහිපයක් ඉදිරි දිනවල පවතින බවත්, එය ද සාර්ථකව කරගෙන යා හැකි බවට තමන් විශ්වාස කරන බවත් ජයසුන්දර මහතා කියා සිටියේය.

පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කරන ගුරුවරුන්ට වැඩිපුර ගෙවීමක් කිරීමට අනුමැතිය ලබාගෙන ඇතත් එය යාවත්කාලීන කිරීම සඳහා තවත් පියවර කිහිපයක් ගත යුතුව තිබෙන බව ද හෙතෙම පැවසීය.

රටම ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක මුදල් වෙන්කරවා ගැනීමට ගැටලු මතු වුවත් එය නිරාකරණය කරගෙන පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම පෙබරවාරි 22 වැනිදායින් පසු ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය. උසස් පෙළ විභාගය පෙබරවාරි 17 වැනිදායින් අවසන් වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment