සියයට 500කින් මිල උස්සලා වයරින් බඩු නහුතෙට නගී – ඉදිකිරීම් සේවක සංගමය

289

ඩොලරය අඩුවීමට සාපේක්‍ෂව විදුලි සැපයුම් සඳහා භාවිත කරන උපකරණවල මිල ගණන් ද පහත දමන ලෙස ජාතික ඉදිරිකිරීම් සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටී.

ටි්‍රප් ස්වීච් ඇතුළු විදුලි උපාංග 500% කින් පමණ ඉහළ ගොස් ඇති නිසා ජනතාවට එම අධික මිල ගණන් දරාගත නොහැකි වීමෙන් තමන්ට ද රැකියාවන් අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි එම සංගමය පවසයි.

රුපියල් 4500 ට තිබූ අර්ත් වයර් කොයිලය අද වනවිට 23,110 ක් ලෙස ඉහළ දමා ඇති බවත්, 1900 ට තිබූ වයර් රෝල 8000 ඉක්මවා ඇති බවත්, 2500 ට තිබූ ටි්‍රප් ස්වීචය රුපියල් 9000 කට ආසන්නව වැඩිවී ඇති බවත් එම සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පෙරේදා (14 දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

රජය ඉක්මනින් මෙම අමුද්‍රව්‍ය මිල ගණන් පහත හෙළීමට කටයුතු නොකරන්නේ නම් තමන්ට ද රට හැර යෑමට සිදුවනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment