විදුලිබල පනතට එරෙහිව විදුලි සේවක සංගමය අද සිට දින 3 ක් විරෝධතාවේ

95

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03 දා) සිට දින තුනක් විරෝධතාවේ නිරතවීමට විදුලි සේවක සංගමය තීරණය කර ඇත.

අදාළ විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින, විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයන් පාර්ලිමේන්තු දොරටුව අබියසට රැගෙන ඒමට කටයුතු කරන බවද ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ඊයේ (02 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

“ඉන්දියානු විදුලිබල පනතේ අඩංගු අන්තර්ගතය මෙම පනතේ තිබෙනවා. මෙය ලංකා විදුලිබල මණ්ඩලය විකිණීමක්. ජනවාරි 3, 4 සහ 5 අපි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වනවා. මෙයට එරෙහිව අපි ඇමැතිට විවෘත අභියෝගයක් කරනවා මේ පනත හැකිනම් පාර්ලිමේන්තුවට ගේන්න කියලා. මේ ගලඋඩ සටනෙන් අපි විදුලි ඇමැතිවරයා පරාජය කරනවා.

මේ පනත සම්මත කරන දවසට පෙර දවසේ දවල් 12.00 ට අපි කාර්යාල සහ බලාගාරවලින් එළියට බහිනවා. අපි සේවක සංගමයක් ලෙස මේ තීරණය අරගෙන අවසන් යැයි ද රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment