ඉන්දියාවේදී තරගයට බර ඔසවන්න ශ්‍රී ලංකාවෙන් 24 ක සංචිතයක්

88

ලබන මස 12 සිට 16 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ ශූරතා බර ඉසිලීමේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් ජාතික බර ඉසිලීමේ සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ජාතික ජ්‍යෙෂ්ඨ සංචිතය ක්‍රීඩකයින් 13 දෙනකුගෙන් සහ ක්‍රීඩිකාවන් 11 දෙනකුගෙන් සැදුම්ලත් වේ.

2002 සිට 2022 දක්වා 06 වතාවක් අඛණ්ඩව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇති චින්තන ගීතාල් විදානගේ ජාතික සංචිතයට නම් කර ඇති පරිනතම ක්‍රීඩකයාය. 2006 රන් පදක්කම ද 2010 දී රිදී පදක්කම ද දිනා ගැනීමට චින්තනට හැකියාව ලැබිණි.

ජාතික තේරීම් කමිටුවේ නිර්දේශය ඇතිව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත ජාතික සංචිතය පහත දැක්වේ.

පිරිමි සංචිතය

ඩිලංක ඉසුරු කුමාර (55), එස්.ආර්.එස්.ඩී. සෝමතිලක (55), ඊ.ඒ.කේ.ඩී එගොඩවත්ත (61), එල්. ජී.ඒ.එස්. ලියනගෙදර (61), එස්. එම්.එම්.ජයතිලක (67), ඒ.යූ.එම්.එම්. විජේසිංහ (67), ඉන්දික චතුරංග දිසානායක (73), චින්තන ගීතාල් විදානගේ (89), එච්.එම්.එස්.එම්. දිසානායක (96), එස්.එම්. පීටර්ස් (102), ඒ.ජී.එස්. අබේවික්‍රම (109), ඩබ්ලිව්.පී.ඩී. ඩී.සී. ජයවික්‍රම (109 ට වැඩි) කේ.සී.එස්.ඩී. ජයවර්ධන (55)

කාන්තා සංචිතය

ඩී.එම්.එස්. සමරකෝන් (45), එම්.ඩී.එම්. ප්‍රේමරත්න (45), බී.ජී.ඩී. හංසනී (49), ඩබ්ලිව්.සී.එම්. වර්ණකුලසූරිය (55), එම්. උමෙයිරා (59), ජී.ජී.ජී.ඩී. ගුරුගම (71), ඩබ්ලිව්.පී.ඩී.එන්. සංජනා (76) බී.සී. ප්‍රියන්ති (81) ඩබ්ලිව්.එම්.ඒ.එස්. වික්‍රමසිංහ (87), ඩබ්ලිව්.ටී.එන්.බී.ජේ. හපුතැන්න (87 ට වැඩි), ජේ. සකුන්යා (87 ට වැඩි)
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment