යොවුන් ආසියානු කුසලාන සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හෙට පිටත් වෙති

226

ලබන 08 වැනිදා සිට 17 වැනිදා දක්වා ඩුබායිහි පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හෙට (06 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ඊයේ (04 වැනිදා) හිමිවී තිබුණි.

ශ්‍රී ලංකාව තරඟාවලිය යටතේ “බී” කාණ්ඩයෙන් තරග වදින අතර බංග්ලාදේශය, ජපානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

ශ්‍රී ලංකාව එහිදී සහභාගි වන පළමු තරගය ලබන 09 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.

ඉන්දියාව, පකිස්ථානය, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය “ඒ” කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනයි. උපනායක මල්ෂ තරුපති රිච්මන්ඩ් විද්‍යාලයෙනි.

නම් කර ඇති සංචිතය මෙසේය.

සිනෙත් ජයවර්ධන (නායක, රාජකීය), මල්ෂා තරුපති (උප නායක, රිච්මන්ඩ්), පුලිඳු පෙරේරා (ධර්මරාජ), විශේන් හැලඹගේ (ශාන්ත පීතර), රවිශාන් නෙත්සර (පී ද එස්. කුලරත්න ම. වි. අම්බලන්ගොඩ), සරුජන් ෂන්මුගනාදන් (ශාන්ත බෙනඩික්ට්), දිනුර කළුපහන (මහින්ද ගාල්ල), විහස් තෙව්මික (තර්ස්ටන්), විශ්ව ලහිරු (ශ්‍රී සුමංගල පානදුර), ගරුක සංකේත (ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය, වත්තල), රුවිෂාන් පෙරේරා (ආනන්ද), රුසඳ ගමගේ (ශාන්ත පීතර), හිරුන් කපුරුබණ්ඩාර (කොළඹ ශාන්ත ජෝශප්), දිනුක තෙන්නකෝන් (ත්‍රිත්ව), දුවිඳු රණතුංග (මහානාම)
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment