මන්ත්‍රී ආරක්ෂකගේ අවිය පත්තුවී සිවිල් ආරක්ෂකට වෙඩි වදී

72

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාගේ ආරක්ෂාව සඳහා යොදා සිටින ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයකු ළඟ තිබූ පිස්තෝලයක් හදිස්සියේ ක්‍රියාත්මක වීම නිසා සිවිල් ආරක්ෂක භටයකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත. මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ප්‍රසන්න නමැති 45 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකි.

කන්තලේ පොලිසිය පවසන ආකාරයට මෙම වෙඩි පහර වැදී ඇත්තේ ඔහුගේ අතකටය. බරපතළ තුවාල තත්ත්වයක් නැතැයි ද පොලිසිය කියයි.

මෙම පොලිස් සැරයන්වරයා ඉකුත් 2 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවස අද්දර පිස්තෝලය ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී පිස්තෝලය හදිසියේම ක්‍රියාත්මක වී ඇත.

ඊට නුදුරින් සිටි සිවිල් ආරක්ෂක භටයාට එහිදී මෙසේ වෙඩි වැදී තුවාල සිදුවී ඇත. මෙය අත්වැරැද්දක් වුවත් සැරයන්වරයාගෙන් පොලිසිය ප්‍රශ්න කර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment