පොලිස් නිලධාරියකුගේ අත සපාකාලා තව නිලධාරියකුට උල් ආයුධයකින් ඇනලා

164

යුක්තියේ මෙහෙයුමේ යෙදී සිටින පොලිස් නිලධාරීන් තිදෙනකුට පහර දීමේ සිද්ධීන් දෙකක් ඌරගස්මංහන්දියේ සහ සෙට්ටිකුලම් පොලිස් ස්ථානවලින් ඊයේ වාර්තා විය.

මෙම පහර දීම්වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනා බළපිටිය සහ වව්නියා රෝහල්වලට ඇතුළත් කර ඇත. සෙට්ටිකුලම් ප්‍රදේශයේ දී යතුරුපැදියේ නැඟී ගමන් ගත් පුද්ගලයකු පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් පරීක්‍ෂා කළ මොහොතේ බීමතින් සිටි බව කියන යතුරුපැදි ධාවනකරු සහ ඒ මොහොතේම එහි පැමිණි තවත් පුද්ගලයන් තිදෙනකු සැරයන්වරයාට සහ පොලිස් කොස්තාපල්වරයාට පහරදී ඇති අතර එක් සැකකරුවකු මෙම පොලිස් නිලධාරියකුගේ අත තදින්ම සපාකා තිබේ. මෙම සැකකරුවෝ එකම පවුලේ සාමාජිකයෝ වෙති.

ඌරගස්මංහන්දියේදී වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට ගිය කොස්තාපල්වරයකුට සැකකරු විසින් උල් ආයුධයකින් ඇන තුවාල සිදුකිරීම නිසා මෙම පොලිස් නිලධාරියා බළපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. මේ මොහොතේ එම වරෙන්තුකරුගේ අතකට ද තුවාල සිදුවී තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment