පොහොර නැව හෙට එන වෙලාව වෙනස් කරයි

355


ඉන්දීය රජය විසින් ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 න් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාව හෙට රාත්‍රියේ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබුනද එම නැව හෙට පෙරවරු 11.00ට කොළඹ වරායට ලඟාවන බව දැනුම් දී ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

යුරියා මෙ. ටොන්. 65,000ක් සහිත පොහොර තොගයෙන් මෙ. ටො. 40,000ක පළමු තොගය මෙම නැවේ ඇතුළත් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 25,000 දෙවන අදියර යටතේ ලැබීමට නියමිතය. මෙම යූරියා මෙට්‍රික් ටොන් 65,000න් 30,000ක් වී වගාව සඳහාත්, මෙ. ටොන්. 20,000ක් බඩඉරිගු වගාව සඳහාත් ලබා දීමට නියමිතය.ඉතිරි පොහොර තොගය වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි තේ වගාව සඳහා වෙන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment