‘රුක්මණි දේවි සැමරුම්’ ගී ප්‍රසංගය දා

69

හෙළයේ ගීත කෝකිලාවිය හා සිනමා නිළි අග රැජනිය වූ රුක්මණි දේවිගේ සියවැනි ජන්ම දිනය වෙනුවෙන් “රුක්මණි දේවි සැමරුම් ගී” ප්‍රසංගය පසුගියදා කොළඹ ටවර්හෝල් රඟහලේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කපිල ගුණසිංහ මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයේදී රුක්මණි දේවි අනුස්මරණ සංගමයේ නිර්මාතෘ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්, සංගමය පිහිටුවා 34 වසරක් තුළ කරන ලද සේවාවන් විස්තර කළ අයුරු.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කේ. ඒ. ඩී. එස්. නිශාන්ති, ටෙලි හා සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීන් හා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කපිල ගුණසිංහ මහතා සහ එම මැතිනිය ප්‍රියශාන්ත මහතාගේ කතාවට සවන්දෙන අයුරු.

මෙම උත්සවය සංවිධානය කළේ වේශනිරූපණ ශිල්පි, සභාපතිනි මංගලා පෙරේරා ඇතුළු රුක්මණි දේවි අනුස්මරණ සංගමයේ සමාජික, සාමාජිකාවන් විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment