සජිත් ඩලස් සම්මුතියකට – සටන තියුණු වෙයි

898

ඉවත් වන්නේ කවුද තීරණය අවසන් මොහොතේ

අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ඡන්දයේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පොදු එකඟතාවකින් කටයුතු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම දෙදෙනාගෙන් කවර අපේක්‍ෂකයාට සහාය දෙන්නේ දැයි දෙපාර්ශ්වය අවසන් මොහොතේදී නිවේදනය කරන බව සමගි ජනබලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙහිදී ඇතිකර ගන්නා එකඟතාවන් පිළිබඳව ඊයේ විපක්‍ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

දෙදෙනාගෙන් එක් අයකු ජනාධිපති ලෙසත්, අනෙක් අපේක්‍ෂකයා අගමැති ලෙසත් කටයුතු කිරීමට ද මෙහිදී තීරණය වූ බව ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීවේය.

මේ අතර නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයේදී පොහොට්ටුවේ (පොදුජන පෙරමුණ) මන්ත්‍රීවරුන් 25ක් පමණ ස්වාධීනව ඡන්දය පාවිච්චි කරන බව ද ඔවුන්ගේ සහාය සමගි ජනබලවේගයට ලැබෙන බව ද ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

අකිත පෙරේරා, සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment