පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීම; හේමසිරිට පූජිත්ට අධිචෝදනා 855 ක්

274

සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් ත‍්‍රස්තවාදීන් 2019 අපේ‍්‍රල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා 855ක් සහිත අධිචෝදනා පත‍්‍ර ඊයේ (01 දා* කොළඹ විශේෂ මහාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට භාරදෙනු ලැබීය. 02 – පිටුවට

එම අධිචෝදනා පත‍්‍ර විත්තිකරුවන්ට කියවා දී සාක්‍ෂි විභාගය ලබන නොවැම්බර් 22 වැනිදා ආරම්භ කිරීමට ද එහිදී දින නියම කළ විනිසුරු මඬුල්ල පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්‍ෂිකරුවන්ට පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද නියෝග කළේය.

නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම නඩු දෙක විභාග කිරීමට නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඞ් ඉර්සදීන් යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත්කර තිබුණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment