ගනුදෙනුකරුවන්ගේ දේපොළ පවරා ගැනීම් මාස 6 කට අත්හිටුවයි… ඉන්ධන ගෑස් හිගයකට ඉඩ නෑ

254

වසංගතයෙන් බලපෑමට ලක් වූ ණය ගැනුම්කරුවන් සදහා දේපළ පවරා ගැනීම (පරාටේ නීතිය කි‍්‍රයාත්මක කිරීම) සහ වාහන නැවත පවරා ගැනීම ඉදිරි මාස හයක කාලයකට අත්හිටුවීමට බැංකු හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (01 දා) මහ බැංකුවේ කෙටිකාලීන ‘පෙරදැක්ම’ ඉදිරිපත් කරමින් පැවසීය.

රටෙහි බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් ඉදිරියේදී විදේශ විනිමය ලබාදීමට කටයුතු කරන බව ද මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා කීවේය.

මේ නිසා විදේශ විනිමය නොමැතිකම නිසා බොර තෙල් හිඟයක් ගෑස් හිඟයක් හෝ ඇතිවනු ඇතැයි කිසිවෙක් සැකයක් තබාගත යුතු නැති බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

අපනයන ඉපයීම් ලැබීම් අනිවාර්යයෙන්ම රුපියල්වලට පරිවර්තනය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු කීවේය.

එසේම වසංගතය හේතුවෙන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සිදු වූ හානිය අවම කිරීම සඳහා සැලසුම් කළ යාන්ත‍්‍රණයක් හරහා හිඟ පොළිය පියවීමට රු. මිලියන 15,000ක් වෙන් කිරීමට පියවර ගන්නා බව ද ඊයේ මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකුවේ සය මාසික පෙරදැක්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment