කෝටි 250 ක බෙහෙත් පොල්ලක් : සැපයුම්කරුවෝ දුක කියති

182

වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ ඇතුළු සෞඛ්‍ය උපකරණ සැපයූ දේශීය සැපයුම්කරුවන් සඳහා රුපියල් කෝටි 250 කට අධික මුදලක් මෙතෙක් ගෙවා නැතැයි දේශීය සැපයුම් කරුවෝ පවසති.

මෙම මුදල පසුගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ගෙන්වූ ඖෂධ සඳහා ගෙවීමට නියමිත බවත් ඔවුහු ප‍්‍රකාශ කරති. මීට පෙර වසරවලදී දෙසැම්බර් 31 වනවිට දේශීය සැපයුම්කරුවන් සඳහා ගෙවිය යුතු සියලූම ගෙවීම් සිදුකරන බවත් මෙවර එසේ මුදල් ගෙවීමට නොහැකි වී ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබීම නිසා බවත් ඔවුහු සඳහන් කරති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment