ගෙදර නිදාගෙන සිටි තිදරු පියාගේ ගෙල කපා මරාදාලා

413

සහෝදරයාටත් බරපතළ තුවාල

අක්මීමන කුරුන්දකන්ද ප්‍රදේශයේදී පෙරේදා (09 දා) අලුයම ගෙල කපා පුද්ගලයකු ඝාතනය කොට ඔහුගේ සහෝදරයාටද බරපතළ තුවාල සිදුකර ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අක්මීමන, කුරුන්දකන්ද, තොටගොඩ පදිංචි හික්කඩුව කෝරාළගේ ප්‍රසන්න කුමාර නමැති 43 හැවිරිදි තිදරු පියෙකි.

මියගිය අය නිවස තුළ නිදා සිටියදී කඩුවකින් ගෙල කපා ඝාතනය කර ඇති අතර එම ඝාතනයෙන් පසු මියගිය අයගේ වැඩිමහල් සහෝදරයාද ඝාතනය කිරීමට තැත්කර ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි අක්මීමන පොලිස් ස්ථානාධිපති මධුරංග අරුමප්පෙරුම මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වයි.

අහංගම – සුගතපාල දීයගහගේ, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි සහ හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment