පාරවල්වලින් ගසාකන්නට තවත් බිලියන 15 ක් වෙන් කරලා

337

විපක්‍ෂ නායක උපදේශක ආචාර්ය ධනවර්ධන ගුරුගේ

මෙවර අයවැය ලේඛනය හුදෙක් ලියවිල්ලක් පමණයි. ඒ ලියවිල්ල තිබියදී ‘ගැසට්’ එකෙන් බඩු මිල තීන්දු වෙනවා. ‘රාජපක්‍ෂවරුන්ට තවදුරටත් කනෙන් රිංගන්න චාන්ස් එකක් හොඳටම දී තිබෙනවා’ යයි විපක්‍ෂ නායක උපදේශක ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පවසයි.

පාරවල්වලින් යළිත් කට්ටියකට ගසා කන්න බිලියන 15 ක් වෙන්කර තිබෙනවා. මන්දපෝෂණය, ජීවන වියදම, විරැකියාවට කිසිදු සහනයක් දී නැහැ. මෙවර අයවැය වෙනස බිලියන 243 ක් වෙනවා. කොහොමද? වෙලා තිබෙන දේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ‘පොහොට්ටුවේ’ ඇතමුන්ගේ උවමනාවන් ගජරාමෙට මේකෙන් ඉෂ්ඨ කර තිබෙනවා දැයි සැකයක් අපට තිබෙනවා. ඔහු ‘පළිහක් කරගෙන පොහොට්ටුවේ රට වැනසූ නඩය ‘ආණ්ඩුව’ තම ඉල්ලම කරගෙන.

advertistmentadvertistment
advertistmentadvertistment