වවුනියාවේ රෝහලේ නාන කාමරයේ ඇදවැටී ගැබිනි මව මියයයි

110

වවුනියාව මහ රෝහලේ ගැබිනි වාට්ටුවේදී මවක් නාන කාමරය තුළ ඇදවැටීමෙන්, මව හා කුසේ සිටි බිලිඳා පසුගිය 22 දා මියගොස් තිබේ.

ඇය නාන කාමරයට යමින් සිටි අවස්ථාවේදී ඇගේ පය ලිස්සා ඇය බිම ඇදවැටීමෙන් පසුව කුස පුපුරා කුසේ සිටි බිලිඳා මියගොස් තිබේ.

පසුව වෛද්‍යවරුන් ඇයට හදිසි සැත්කමක් සිදුකරන ලද නමුත් ගබිනි මව ද අධික ලෙස රුධිරය වහනය වීම නිසා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ 34 හැවිරිදි මවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහ රෝහල හා පොලිසිය වෙන වෙනම පරීක්ෂණ දෙකක් ආරම්භ කොට තිබේ.

මියගිය ගැබිනි මවගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment