රිෂාඩ්ගේ නිවසට දැරිය දුන් බ්‍රෝකර් ඇතුළු තුනක් අල්ලයි

581

හිටපු ඇමැති රිෂාඞ් බදුයුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී බාලවයස්කාර දැරියක් සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් සියදිවි හානි කරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය එම දැරිය රැුගෙන ආ බ්‍රෝකර්වරයා, හිටපු ඇමැතිගේ මාමණ්ඩිය සහ මස්සිනා ඊයේ
 
 (22 වැනිදා* මධ්‍යම රාත‍්‍රියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි. මෙම දැරිය රිෂාඞ් බදියුදීන්ගේ නිවසට රැුගෙන ආ බ්‍රොකර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ හැටන් ඩයගම ප‍්‍රදේශය වෙත යැවීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබිණි.
 
 සියදිවි හානිකරගත් බව කියන 16 හැවිරිදි මෙම දැරිය විවිධ හිංසනයන්ට ලක්ව සිටි අතර ඇය දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයටද ලක්ව සිටි බව විමර්ශනවලින් අනාවරණය විය.
 
 මෙම දැරියට මාස 8 ක්ම ඇගේ නිවසට යෑමට අවසර ලැබී නොතිබුණු අතර ඇයට මාසයක් තිස්සේ මවට හෝ පවුලේ සාමාජිකයන් වෙත දුරකථන ඇමතුමක් ලබාදීමට රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ සිටි පුද්ගලයන් අවසර ලබාදී නොතිබිණි.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ සිටි ඔහුගේ බිරිඳගේ පියාගෙන් සහ මවගෙන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස පොලිසිය ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.
 
 මෙම ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු දැරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳගේ පියා සහ මස්සිනා කෙනෙකු ඊයේ මධ්‍යම රාත‍්‍රියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
 
 මෙම බාලවයස්කාර දැරිය සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
 
– හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment