කොවිඞ් හමුවේ වුවද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය ගැන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් කරගන්නවා

292

– විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්

කොවිඞ් වසංගතය හමුවේ වුවද ශ‍්‍රී ලංකාව සෑම ක්‍ෂේත‍්‍රයකින්ම ලබාගත් ප‍්‍රගතිය පිළිබඳව යථාර්ථවාදී අදහස් සම්පූර්ණ වශයෙන් මෙවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් කරගන්නා බව විදේශ ඇමැති මහචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (6 දා* පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසූ ඇමැතිවරයා මෙසේද කීය.

ජිනීවා නගරයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරයට අන්තර්ජාලය ඔස්සේ තමා සම්බන්ධ වන බවත් විදේශ ඇමැතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර තලයේ ඉතා පැහැදිලිව පෙනෙන දෙයක් ත‍්‍රස්තවාදය හා එහි ඵලවිපාක පිළිබඳ ප‍්‍රතක්‍ෂ වැටහීමක් සෑම රටකටම තිබෙන බව ත‍්‍රස්තවාදය මුළු මනුෂ්‍ය සංහතියම අති විශාල පීඩනයකට ලක්කෙරෙනවා.

මෙයට දින කිහිපයකට පෙර නවසීලන්තයේදී ශෝචනීය සිද්ධියක් වුණා. එම සිදුවීම පිළිබඳව එරට කෙරෙන විමර්ශනයන්ට ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි අප රටේ බුද්ධි අංශ විසින් ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම මහා බි‍්‍රතාන්‍ය එල්. ටී. ටී. ඊ. සංවිධානයට විරුද්ධව පනවා තිබෙන තහනම දිගටම ක‍්‍රියාත්මක කිරීමට තීරණය කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. එම සංවිධානය විශාල ප‍්‍රයත්නයක් දැරුවා එම තහනම ඉවත් කර ගැනීමට. නමුත් එය සාර්ථක වුණේ නැහැ. බි‍්‍රතාන්‍ය රජය එය ප‍්‍රතික්‍ෂේප කළා. යුද්ධය නිමවූ නමුත් මේ අයගේ දේශපාලන තලයේ ක‍්‍රියාකාරකම් නිසා ඒ රටවල දේශපාලන ස්ථාවර භාවයට විශාල තර්ජනයක් බව පැහැදිලිව වටහාගෙනයි බි‍්‍රතාන්‍ය රජය එම තීරණයට එළඹී ඇත්තේ කියා අප විශ්වාස කරනවා. එම තීරණය අනෙක් රටවලටත් උචිත ආදර්ශයක් විය හැකියි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා

රට ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවක බොරදියේ මාළු බාන පිරිසක් සිටින බව අපට පෙනී යනවා. අප රට පිළිබඳ කෙතරම් අශුභවාදී පසුගාමී දේවල් සමාජ මාධ්‍යවල එකතු කර තිබෙනවාද? මේවා කරන්නේ ඉතා සංවිධානාත්මකවයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමණ ප‍්‍රමුඛ අප රජය පිහිටුවා රජය ඉතා සැලසුම්සහගත සංවර්ධන වැඩපිළිවෙළකයි පසුවන්නේ.

පසුගිය වසර කිහිපය තුළ විනාශ කරවූ රටක අත්තිවාරමේ සිට ගොඩනැංවීමට අපට සිදුවුණා. පසුගිය වසරක කාලය සියලූ අර්බුදයන්ට මුහුණ දෙමින් සංවර්ධනයේ අන්තිවාරම දමා අවසන් කරගෙන යනවා. එම නිසා අප රටේ තරුණ පරපුරෙන් ඉල්ලා සිටිනවා තරුණ ඔබගේ අනාගතය පිළිබඳ සිතා මේ කුමන්ත‍්‍රණකාරී බලවේගයන්ට නැවත රට ආපස්සට හැරවීමට ඉඩ නොතබන ලෙසට.

කොවිඞ් මර්දන එන්තන ලබාදී අවසන් වූ වහා නැවත රට සංවර්ධනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කරනවා.

රාජිත සේනාරත්න කියන්නේ මේ රටේ සිටි අසාර්ථකම සෞඛ්‍ය ඇමැතිවරයෙක්. රටේ වෙන සියලූම දේවල් ආණ්ඩුවේ ගිණුමට බැර කිරීමට උත්සාහ කරන පිරිසක් සිටිනවා. සංවිධානාත්මකව යම් යම් තැන්වල කඩාකප්පල් ක‍්‍රියා ඇති කර ඒවා ආණ්ඩුවේ ගිණුමට බැර කරන ක‍්‍රියාදාමයක් සිදුවෙනවා. එම නිසා ඒවා සොයා බලා රාජය රැුක

ගැනීමේ වගකීමක් ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment