බම්බලපිටිය සිරි වජිරාරාමයේ ඉල් පෝදා දවස පුරා පිංකම්

163

බම්බලපිටිය සිරි වජිරාරාමයේ ඉල් පුන් පෝදා සීල සමාදානය මෙම මස 26වෙනිදා (අද) දවස පුරා පැවැත්වේ.

පෙ.ව. 6.00-7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ, පෙ.ව. 8.00-9.00 ධර්මානුශාසනාව සිරි වජිරාරාම වාසි පූජ්‍යපාද මීගොඩ ධම්මාවාස හිමිපාණෝ, පෙ.ව. 9.00-11.15 භාවනාව, අනුශාසනාව හා සම්බුද්ධ පූජාව කුතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය වැලිමඩ පසන්නමානස හිමිපාණෝ, ප.ව. 12.30-1.15සතිපට්ඨාන සූත්‍ර දේශනාව, සිරි වජිරාරාමාධිකාරී සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්‍ෂ පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, ප.ව. 1.15-2.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ, ප.ව. 3.00-4.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමාවාසී විනයාචාර්ය පූජ්‍යපාද පිටිපන ශාසනරතන හිමිපාණෝ, ප.ව. 4.00-5.00 ධර්මානුශාසනාව සිරි වජිරාරාමවාසී පූජ්‍යපාද උ රාජාංගනයේ සීලවිමල හිමිපාණෝ, ප.ව. 5.00-6.00 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේ වැඩම කරති.

advertistmentadvertistment
advertistmentadvertistment