ලීග් වටයේ ප්‍රසාද ලකුණු සටහන

449

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය හෙවත් ලීග් වටයේ සමාප්තිය පෙරේදා (12 වැනිදා) සනිටුහන් වූ අතර අවසන් තරගයේදී නෙදර්ලන්තය පරාජයට පත් කරමින් ඉන්දියාව අපරාජිතව තරගාවලිය අවසන් කිරීමට සමත් වූයේය.

තරගාවලියේ සත්කාරක රට ලෙස තමන් සහභාගි වූ තරග 9 ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 18 ක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ. දකුණු අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව තරග 7 බැගින් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 14 ක් ලබා ගත් අතර එම රටවල් දෙකට අමතරව අවසන් පූර්ව තරග සඳහා වරම් ලබාගත් නවසීලන්තය තරග 6 ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගත්තේය. තරග 4 බැගින් ජයග්‍රහණය කළ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය පිළිවෙළින් 5 වන සහ 6 වන ස්ථානවලට පත් වූයේය.

ලීග් වටයේ ප්‍රසාද ලකුණු සටහන

එංගලන්තය තරග 3 ක් ජය ගෙන 7 වන තැන හිමි කර ගෙන ඇත. තරග දෙකක් පමණක් ජයග්‍රහණය කළ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය පිළිවෙළින් 8, 9 සහ 10 යන ස්ථානවලට පත්ව ඇත. ප්‍රසාද ලකුණු සමාන වූ අවස්ථාවලදී ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත කණ්ඩායම්වල ස්ථානය තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment