ඩයලොග් අභියෝග කුසලාන පාසල් ලීග් ශූරතා රග්බි ජුනි මස සිට

113

දිවයිනේ ප්‍රමුඛතම පාසල් 16ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන “ඩයලොග් අභියෝග කුසලාන” පාසල් අවුරුදු 19 න් පහළ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලිය ජුනි 10 දින ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තීරණය කර තිබේ.

මෙම තරගාවලිය එළඹෙන අගෝස්තු මස තෙවන සතිය දක්වා කොළඹ සහ මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ. මෙවර තරගාවලියට සුදුසුකම් ලබා ඇති කොළඹ පාසල් සංඛ්‍යාව 10 ක් සහ මහනුවර පාසල් සංඛ්‍යාව 06 ක් වේ.

මෙහි මූලික වටය “A” සහ “B” ලෙස කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වේ. එක් කාණ්ඩයකට අයත් පාසල් සංඛ්‍යාව 08 කි. ඒ අනුව මූලික වටයේ දී එක් පාසලක් තරග 07 කට සහභාගි විය යුතුය.

ඒ ඒ කාණ්ඩය අනුව උපරිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 02 බැගින් තීරණාත්මක අවසාන පූර්ව වටයට තෝරා ගැනෙයි.

පසුගිය වසරේ ලීග් ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.

ඉකුත් වසරේ දෙවන පෙළ ශූරතාව දිනා ගැනීමට සමත්වූ කොළඹ තර්ස්ටන් විදුහල සහ අනු ශූරතාව හිමිවූ මහනුවර ශ්‍රී සුමංගල විදුහල මෙවර ප්‍රමුඛ පෙළ තරග මාලාවට එක්ව සිටීම කැපී පෙනෙයි.

මෙවර තරගාවලියේ A සහ B කාණ්ඩය නියෝජනය කරන පාසල් පහත දැක්වේ.

“A” කාණ්ඩය “1”

කොළඹ ඉසිපතන විදුහල, මහනුවර ශාන්ත අන්තෝනි විදුහල, කොළඹ සහිරා විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල.

“B” කාණ්ඩය “2”

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ රාජකීය විදුහල, කොළඹ ඩී. එස්. සේනනායක විදුහල, කොළඹ ශාන්ත ජෝසප් විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, කොළඹ වෙස්ලි විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment