ආසියානු යොවුන් සටනේ අවසන් පූර්ව තරග අද

106

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (15 වැනිදා) පැවැත්වේ.

පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක් අවසන් පූර්ව තරගයකටත් ඉන්දියාව සහ බංග්ලාදේශය අනෙක් අවසන් පූර්ව තරගයටත් ක්‍රීඩා කරයි.

එම තරග දෙකම අද පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතය. පාකිස්ථානය “ඒ” කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වෙමින්ද බංග්ලාදේශය “බී” කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වෙමින්ද මෙවර මූලික තරග වටය නිමාවට පත් වූයේය. අද ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක අනිද්දා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යෞවනයෝ මූලික වටය යටතේ තරග දෙකක් පරාජය වීම මත අවසන් පූර්ව තරග වරම් ලැබීමට අසමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment