පොස්පේට් වංචා සොයන්න ජනපති කොමිසමක් පත්කරන්න නියෝග කරන්න – පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

100

එප්පාවල පොස්පේට් නිධියෙන් කැණීම් කර ලබාගන්නා ඛනිජ ද්‍රව්‍ය විදේශවලට විකිණීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට රජයට අයවිය යුතු මුදල් මහා පරිමාණයෙන් වංචා කිරීම ඇතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ, විධායක අධ්‍යක්‍ෂ පී. කේ. දිළිණ යන මහත්වරුන් නීතිඥ එච්.එස්.එච්. ප්‍රේමසිරි මහත්මිය මගින් ගොනුකර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, එප්පාවල ෆොස්පේට් සමාගමේ සභාපතිවරයා, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු තිස් දෙනෙකු නම්කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිටත් එප්පාවල ෆොස්පේට් නිධිය සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝග පවා උල්ලංඝනය කරමින් විශාල ලෙස කැණීම් සිදුකර ලබාගන්නා සම්පත් ව්‍යාජ ලේඛන සකස් කර ඉතා අඩුවෙන් සටහන් කර රාජ්‍ය නිලධාරීන් හා අතරමැදියන් විශාල ලෙස වංචා සිදුකරන බවත් පෙත්සම්කරුවන් එමගින් කියා තිබේ. එකී ඛනිජ රටට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීමේ හැකියාව තිබියදීත් එලෙස නොකර විදේශ රටවලට අලෙවි කිරීම සිදුවන බවත් පෙත්සම්කරුවන් එමඟින් අධිකරණයට කියා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment