ලබන වසරේ අමුතු වැස්සක් ගැන ඇමැති අමරවීරගෙන් අනාවැකි

497


ලබන වර්ෂය මැතිවරණ වැස්සක් වහින වර්ෂයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සමහර දේශපාලන පක්ෂ මේ වසරේ දී මැතිවරණයක් ඉල්ලා විශාල උද්ඝෝෂණයක් කළත් රටේ ආර්ථිකය පවතින්නේ හොඳ තත්ත්වයක නොවන නිසා මේ වසර තුළ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැතැයි ද කීවේය. නමුත් ලබන වසර යනු මැතිවරණ වැස්සක් වහින වර්ෂයක් බවද පැවසීය.

රජය මැතිවරණවලට බයයි කියළා සමහරු කියනවා. රජය මැතිවරණවලට බය නැහැ. නමුත් මැතිවරණ පැවැත්විය යුත්තේ ඊට සුදුසු අවස්ථාවේ දී. ඒ නිසා ලබන වසරේ මුළින්ම ජනාධිපතිවරණය පවත්වනවා. ඊට පස්සේ ජනතාවට අවශ්‍ය නම් මහ මැතිවරණයක් පවත්වා අලුත් රජයක් පත් කර ගන්න පුළුවන්. ඉන්පසු පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණත් පවත්වනවා.
ඒ නිසා මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා කෑ ගහපු දේශපාලන නායකයින්ටයි පක්ෂවලට කියන්නේ එම මැතිවරණ සඳහා නිසා සූදානම් වන ලෙස යැයි ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment