මේ වසරේ පළමු මාස හයේ රජයේ වියදම 19% කින් නැගලා

87

මේ වසරේ (2022) පළමු මාස හයේ දී රජයේ පුනරාවර්තන වියදම (රජයේ එදිනෙදා වියදම) සියයට 19.9 කින් ඉහළ ගොස් ඇත.

ගිය වසරේ (2021) පළමු මාස හයේදී රු. බිලියන 1311 ක් වු රජයේ පුනරාවර්තන වියදම මේ වසරේ පළමු මාස හයේදී රු. බිලියන 1571.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වශයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන සහ දේශීය පොළී ගෙවීම් ඉහළ යෑමත් සමගම කොවිඩ් වසංගතයෙන් බලපෑමට ලක්වූ කුටුම්භ සහ ව්‍යාපාර වෙත සපයන ලද සෘජු හා වක්‍ර මූල්‍යමය සහනය සහ මහජන සෞඛ්‍ය සේවාවන් සඳහා දැරීමට සිදුවූ අතිරේක වියදම් අවශ්‍යතා නිසා මේ කාලයේදී රජයේ පුනරාවර්තන වියදම මෙලෙස වැඩි වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment