ඇඳුම වෙනස් කළේ චක්‍රලේඛයට අනුවයි – තීරණයක් ගත්තොත් උසාවි යනවා – ස්ටාලින් තදින්

182

ගුරුවරුන් සාරිය හෝ පහසු ඇඳුමක් ඇඳලා පාසල් එනවා. රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් ඇඳගෙන සේවයට පැමිණීමට හැකි පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගියදා නිකුත් කරපු චක්‍රලේඛයට අනුවයි ඔවුන් පහසු ඇඳුමක් ඇඳගෙන පාසල් එන්නේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා “දිවයින”ට ඊයේ (22 වැනිදා) පැවසීය.

ගුරුවරුන් නිතරම චක්‍රලේඛයට අනුව කටයුතු කරන බව පැවසූ හෙතෙම තවදුරටත් මෙසේද කියා සිටියේය.

ගුරුවරුන්ටත් පහසු ඇඳුමකින් සැරසිලා ඇවිත් උගන්වන්න පුළුවන් කියලා චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. ඕන කෙනෙකුට සාරිය ඇඳගෙන ඇවිත් උගන්වන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට පහසු ඇඳුමක් ඇඳගෙන ඇවිත් උගන්වන්න පුළුවන්. බහුතරයක් සාරිය ඇඳගෙන එනවා. කොහොම වුණත් දැන් නිකුත් කරලා තියෙන චක්‍රලේඛයට අනුව සාරිය ඇඳගෙන එන්නත පුළුවන්. පහසු ඇඳුමක් ඇඳගෙන එන්නත් පුළුවන්. මොනවා වුණත් ගුරුවරුන් අශෝභන විදිහට ඇඳගෙන එන්නේ නැහැ.

ශිරාන් රණසිංහ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment