නොරොච්චෝලෙට ගල්අඟුරු ගන්න විකල්ප මාර්ග දෙස අවධානය – ගල්අඟුරු සමාගමේ සභාපති

85

ඉදිරියේ ජාතික විදුලිබල බද්ධතියට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා නොරොච්චෝලේ ගල්අඟුරු අවශ්‍යතාව සපුරාගැනීමට සියලුම විකල්ප මාර්ග කෙරෙහි අවධානය යොමුකර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 40% ත් 50% ත් අතර ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට සපයයි. මේ සඳහා අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය නැව්වාර 38 කින් පමණ සෑම ගල්අඟුරු වාරයකම ලංකා ගල්අඟුරු සමාගම මගින් සම්පාදනය කරයි.

2022 – 23 වාරය සඳහා මේ වනවිට නැව්වාර හතරක් දැනටමත් සැපයුම් කටයුතු අවසන් කර ඇති අතර, පස්වන නැව්වාරය පුත්තලම නැංගුරම දක්වා යාත්‍රා කරමින් තිබේ. එය දෙසැම්බර් 8 වැනි දින වනවිට පැමිණීමට නියමිතය. මේ වනවිට යවන යාත්‍රාව ද මූලික ගෙවීම් කිරීමෙන් අනතුරුව පැටවීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද ඒ මහතා පවසයි.

මෙවර ගල්අඟුරු ගැනීමේදී බාධක රැසක් පැවතිය ද කෙසේ හෝ නැව්වාර 35 ක් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී. ඒ අනුව පසුගිය කාල වකවානුවලදී දිගුකාලීන ණය පහසුකම්

ලබාගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර තුනක්ම අප බලාපොරොත්තු වූ අරමුණුවලට සහ අදාළ අවශ්‍යතාවන් සපුරා නොතිබීම නිසා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් පසුව නැව්වාර 12 ක් (720,000 ඵඔ) ලබාගැනීම සඳහා නොකැඳවූ යෝජනා සහ රජයන් අතර මැදිහත්වීම් මගින් සැපයුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රමවේදයකට එළැඹ සිටී. එම යෝජනා ලබාගැනීමේ අවසාන දිනය දෙසැම්බර් මස 01 දා ය. මේ සඳහා මේ වන විට ලංකා ගල්අඟුරු සමාගම සමඟ ලියාපදිංචි වී සිටි සියලුම සැපයුම්කරුවන්ටත්, පසුගිය ටෙන්ඩර් සඳහා ලංසු ලේඛන ලබාගත් සියලුම සැපයුම්කරුවන්ටත් මේ වනවිට නොකැඳවූ යෝජනා ලබාදුන් සියලුම සැපයුම්කරුවන්ට සහ ඊට අමතරව කැමැත්ත දක්වන ඕනෑම සැපයුම්කරුවන්ටත් සහභාගිවීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව සුමනසේකර මහතා අප වෙත එවා ඇති නිවේදනයක දැක්වේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment