ඉදිරියේ පත්වෙන ඕනෑම ආණ්ඩුවක මට ඇමැතිකමක් ලැබෙනවා

205

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු බිහිවන ඕනෑම රජයක තමා ඇමැතිවරයකු වන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ තරගයේ ඉදිරියෙන්ම සිටින්නේ තමන් රැඳී සිටින සමගි ජන සන්ධානය බවද කියා සිටි මන්ත්‍රීවරයා රටේ මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කුමන අපේක්ෂකයාද යන්න ජනතාව තෝරාගනු ඇතැයිද සඳහන් කර සිටියේය.

රටේ ප්‍රධාන පක්ෂයක් වන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද තමා කෙරෙහි විශ්වාසය තබා ගනිමින් සිය ආණ්ඩුවක් සමග එකට කටයුතු කිරීම සඳහා ආරාධනා කර ඇතැයි ද මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවසීය.

ඊයේ (23දා) පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment