සිසුන් සිව්දෙනෙකු වෙඩි තබා මැරූ මව සහ පියාට සිර දඬුවම්

174

වසර දෙකහමාරකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ උසස් විදුහලක සිසුන් සිවුදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිසුවාගේ දෙමවුපියන් හට වසර 10 සිට 15 දක්වා,වු සිර දඩුවමක් නියම කිරීමට ඇමරිකානු අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.ඇමරිකාවේ පාසැල්වල ව්‍යාප්ත වී ඇති වෙඩි තබා ඝාතනය කිරීමේ රැල්ලට හසු වු සිසුවෙකුගේ දෙමවුපියන් හට මෙසේ දරුවාගේ වරදට සිරදඩුවම් හිමි වු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැළකේ.මෙයට වසර දෙකහමාරකට පමණ පෙර,එනම් 2021 වසරේ නොවැම්බර් 30 වැනිදා මිචිගන් ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් උසස් විදුහලේ සිසුන් සිවු දෙනෙකු මිලි මීටර් 9 අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කර විදුහලේ ගුරුවරයෙකු ඇතුළු හත් දෙනෙකුට තුවාල සිදු කළ එවකට 15 හැවිරිදි වියෙහි පසු වු ඒතන්‍ රොබට් ක්‍රම්බ්ලි සිසුවාගේ දෙමවුපියන් වන ජේම්ස් හා ජෙනිෆර් ක්‍රම්බ්ලි හට මෙසේ සිරදඩුවම් නියම වී තිබේ.සිය පුත්‍රයා විසින් විදුහලක සිදු කළ මාරාන්තික වෙඩි තැබීම වැළක්වීමට පියවර නොගැනීමේ චෝදනාව මත ජේම්ස් හා ජෙනිෆර් ක්‍රම්බ්ලි හට සිරදඩුවම් නියම කර තිබේ.අධිකරණය විසින් අදාළ දෙදෙනාට වසර හතක සිර,දඩුවමක් නියම කර තිබුණද නීතිවේදීන් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙසේ එම සිරදඩුවම දීර්ඝ කර තිබේ.චුදිත සිසුවා මේ වන විට ජීවිතාන්තය දක්වා වු සිර දදුවමක් විදිමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment