අම්මාට අකීකරු වූ පුතා මරු දකී

266

මවට හොරෙන් රැගෙන ගිය පාපැදිය පදිමින් සිටි 9 හැවිරිදි දරුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලීසිය පවසයි.අනතුරින් මියගොස් ඇත්තේ, මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ, පදිංචිව සිටි මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි එම්. ආර්. රන්තරු නමැති දරුවාය.මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබී ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment